Jun 30, 2020

NDB හි තැන්පත් කළ අටලක්ෂයක් අතුරුදහන් බවට පැමිණිල්ලක්

NDB ((National Development Bank) බොරලැස්ගමුව ශාඛාවේ තැන්පත් කරන ලද රුපියල් අටලක්ෂයක මුදලක් අතුරුදහන්ව ඇතැයි ජනප්‍රිය නායකත්ව පුහුණු දේශකයකුවන දිනේෂ් විහඟුන් ප්‍රනාන්දු මහතා බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

Dinesh NDB 002මේ සම්බන්ධයෙන් විහඟුන් මහතා ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේ තමා ජුනි 22 වැනිදා NDB බොරලැස්ගමුව ශාඛාවේ බැංකු ගිණුමක් විවෘත කළ බවත්, පසුව එදිනම රුපියල් ලක්ෂ 3ක් හා ලක්ෂ 5ක් වශයෙන් ලක්ෂ අටක මුදලක් තැන්පත් කළ බවයි.

තමා 24 වැනිදා බැංකුවෙන් රුපියල් 50,000 ක මුදලක් ලබා ගැනීමට ගිය විට එම ගිණුමේ තිබුණේ රුපියල් 400ක මුදලක් බවයි.

තමා අදාළ ගිණුමේ තැන්පත් කළ මුදල එම බැංකුවේම ගිණුම් හිමියකු වෙත මාරු කර ඇති බව අදාළ බැංකුවේ සේවිකාවක් පැවසුව බවද ඔහු අප සමඟ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී විහඟුන් මහතාගේ ගිනුමේ වූ රුපියල් අට ලක්ෂයක් 23 වැනිදා NDB වේයන්ගොඩ බැංකුවේ තැන්පත්කරුවකු වෙත බැර කර ඇති බව සොයාගත හැකි විය.

කෙසේවුවද, ආදාළ තැනැත්තා එම ගිණුම විවෘත කර ඇත්තේ එදිනම වන අතර එසේ විහඟුන් මහතාගේ ගිණුමෙන් බැර කරන ලද මුදල ඔහු එම ගිණුමෙන් එළියට ගෙන ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප NDB බොරලැස්ගමුව ශාඛාවේ කළමනාකරුගෙන් විමසීමක් කළ අතර ඔහු එවැනි සිද්ධියක් සිදුව ඇති බව කියා සිටියද තෙවැනි පාර්ශවයකට බැංකු තොරතුරු දිය නොහැකි බැවින් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු කියා සිටියේය.

මේ අතර, දිනේෂ් විහඟුන් ප්‍රනාන්දු මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් NDB හි ප්‍රධාන විධායක නිලධාරියාට ඊමෙල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇතත් ඔහු මෙතෙක් ඒ සඳහා පිළිතුරක් ලබාදී නොමැති බවද පැවසේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

Dinesh NDB 001

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top