Jul 02, 2020

අධිකරණ සේප්පුවට රිංගූ මාධ්‍ය ලොක්කෝ අලි අමාරුවක වැටිලා !

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට සහාය දුන් බව කියන නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් පිරිසක් මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී ඉතා රහසිගතව දුන් ප්‍රකාශ මුද්‍රා තබා අධිකරණයේ සේප්පුවේ තිබියදී ඒවා මාධ්‍යයට නිරාවරණය වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (01) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මැයි 12 වැනිදා සාක්ෂිකරුවන් ලබා දුන් රහස් ප්‍රකාශ මාධ්‍යයට හෙළිදරව් වීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

අදාළ රහසිගත ප්‍රකාශ, දෙරණ, හිරු, මවුබිම, සිලොන් ටුඩේ හා දිවයින යන ආයතන විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති බව හෙළිව තිබේ.

මේ අනුව අදාළ ආයතනවල හිමිකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අධිකරණ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top