Jul 02, 2020

පොඩි මුරලි දේශපාලනයට ආවේ ඇයි ? (වීඩියෝ) Featured

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තම සහෝදරයා ජනතාවට සේවය කිරීමට දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා කියයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට එක් වෙමිණි.

තමන් දේශපාලනයට අකමැති වුවත් වැඩ කරන නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව තම සහෝදරයා මැතිවරණයට ඉදිරිපත් කරන බවද මුත්තයියා පවසා තිබිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතා මැතිවරණයට ඉදිරිපත්ව සිටී.

සිය සහෝදරයා වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක වීඩියෝ පටයකට ද පෙනී සිට ඇති මුත්තයියා මුරලිදරන් සිය සහෝදරයාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් මෙලෙස ද පවසා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top