Jul 03, 2020

දෙමඩගොඩ චමින්දගේ කුඩු ඇද්ද කතක් STF අත්අඩංගුවට

පොලිස් විශේෂකාර්ය බලකාය මුල්ලේරියාව කැලිණිමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් ග්‍රෑම් 251ක් සමග කාන්තාවක් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් කාන්තාව 39 හැවිරිදි කැළණිමුල්ල අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි නායකයෙකු වන දෙමඩගොඩ චමින්ද විසින් ඇයව මෙහෙයවා ඇති බව ආනවරණය වී තිබේ.

ඊට අදාළ දුරකතන ඇමතුම් ලබාගැනීමට භාවිත කර ඇති ජංගම දුරකතන 3 ක් වැඩිදුර විමර්ශන සඳහා යොමු කර බව පොලිසිය පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top