Jul 09, 2020

රේගුව රාජසන්තක කළ වාහන රාජ්‍ය ආයතනවලට

නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතයට මුදා හැරීමට මුදල් අමාත්‍ය, අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

යුධ හමුදාව ඇතුළු රජයේ ආයතන වල භාවිතය සඳහා එලෙස රාජසන්තක කරන ලද වාහන ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතු බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.  

නිතිවිරෝධිව මෙරටට ගෙන්වා දැනට අධිකරණය හමුවේ නඩු කටයුතු යටතේ පවතින වාහන ඊට ඇතුලත් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top