Jul 09, 2020

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොරෝනා පොකුරක් මතුවෙයි

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම මධ්‍යස්ථානයේ රැදවියන් හා කාර්යමණ්ඩලය 450කට ආසන්න පිරිසක් පි.සි.ආර් පරික්ෂණයට යොමු කර තිබේ.

පසුගිය දින කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගන්නා ලද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි අයෙකි.

එසේම අද (09) උදෑසන මාරවිල ප්‍රදේශයෙන්ද කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් හඳුනාගෙන තිබේ. එම කාන්තාව ද කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපාන මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් ලෙස සේවය කරන තැනැත්තියකි. 
 

Kandakadu1 670px 20 07 07

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top