Aug 01, 2020

මත් ජාවාරම් කරපු සල්ලි කෝටි ගානක් එක්ක සැකකරුවෙකු දැලේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාශ විශේෂ මාර්ග බාධක ඒකකයට ලද තොරතුරක් මත අද (01) අලුයම මෙම වැටලීම සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙණුවල අතරමැදියෙකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර ඇති බව  පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top