Aug 02, 2020

මහමැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයින් අවසන්

මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනු ඇත.

ඒ අනුව අද මධ්‍යයම රාත්‍රියෙන් අනතුරුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර, අද මධ්‍යම රාත්‍රියෙන් පසු නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top