Aug 04, 2020

වැලිකඩින් පැන්න 'කුඩු පූසා' හමුවෙයි

වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් එවීමට යොදා ගනු ලැබ පසුව අතුරුදහන්ව සිටි බළලා එම පරිශ්‍රය ආසන්නයේ සැරි සරමින් සිටින බව බන්ධනාගාර පරිපාලක චන්දන ඒකනායක මහතා පවසයි.

මීට දින කිහිපයකට පෙර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් මෙම බළලා සිය භාරයට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් සිම් කාඩ් පත් දෙකක් සහ මෙමරි චිපයක් ඔහුගේ බෙල්ලේ ගැට ගසා තිබියදීය.

මෙම බළලා එම පරිශ්‍රය අසල ගැවසෙමින් සිටින බවට නිරීක්ෂණය කළ බව වැලිකඩ බන්ධනාගාරයේ පරිපාලක නිලධාරි චන්දන ඒකනායක මහතා තහවුරු කර සිටියේය.

සබැඳි පුවත්

වැලිකඩට කුඩු ඇද්ද පූසෙකු අල්ලයි

වැලිකඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top