Sep 30, 2020

ලංකාවේ ඇත්තේ තව වාහන 3,000ක තොගයක් විතරයි! Featured

මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා මේ වනවිට වාහන අංගනවල ඉතිරිව ඇත්තේ, ලියාපදිංචි නොකළ මෝටර් රථ 3,000 ක පමණ ප්‍රමාණයක් බව වාර්තා වේ.

මෙරට වැඩියෙන්ම අලෙවි වූ සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, සී.එච්.ආර්., වෙසල්, ග්‍රේස් රථ මෙරට වෙළඳපොල තුළ උග්‍ර හිඟයක් පවතින බවද පැවසේ.

ඉතිරිව ඇති මෝටර් රථ සඳහාද ඉතා දැඩි ඉල්ලුමක් පවතින බැවින් වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබුණද, එවැනි ඉහළ මිල ගණන්වලට පවා මෝටර් රථ මිලදී ගැනීමට විශාල ඉල්ලුමක් ඇති බවත් පැවසේ.

පවතින තත්ත්වය හමුවේ වාහන අංගනවල නඩත්තු කටයුතු, සේවක වැටුප් ගෙවීම පවා ගැටලුවක් වී ඇති අතර, වාහන ආනයනකරුවන් සහ ‍ වාහන අලෙවි කරුවන් බැංකු මගින් ලබාගෙන ඇති ණය වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී ඇතැයි ද වාර්තා වේ.

ඇතැම් ව්‍යාපාරිකයන්ට නැවත සිය ව්‍යාපාරය ආරම්භ කරගත නොහැකි මට්ටමට පත්ව ඇතැයි ද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top