Oct 18, 2020

මතුගම ප්‍රදේශ 3ක් හුදකලා කරයි ; තවත් ආසාදිතයන් 39ක්

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මේ අතර, Covid-19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 39ක් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබේ.

ඉන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 26 දෙනා සමීප ආශ්‍රිතයින් බවද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අනුව, අද (18) මේ වන විට මිනුවන්ගොඩ පොකුර 2,075 ක් දක්වා වර්ධනය වී ඇති අතර, දිනය තුළ මේ දක්වා වාර්තා වූ Covid-19 ආසාදිතයන් ගණන 61ක් වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top