ජායාරූපය - නිවුස් ෆස්ට් ජායාරූපය - නිවුස් ෆස්ට්
Oct 24, 2020

පොම්පියෝ එන්න කලින් කට්ටියක් ලංකාවට එවයි!

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් ඊයේ (23) මෙරටට පැමිණ තිබේ.

මේ පිරිස පැමිණ ඇත්තේ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකිනි.

අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ, මෙම සංචාරයේ සියලු කටයුතු ශ්‍රී ලංකා රජය සමග සමීප සම්බන්ධීකරණයකින් සංවිධානය කර ඇති බවයි.

කවුරුන් සමග එක්ව ඉදිරියට ගමන් කරන්නේදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවීමට උත්සාහ කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා විදෙස් වාර්තාකරුවන් සමග පවසා තිබේ.

ඔහු කියා සිටියේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමගදැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි.

වෙනත් පාර්ශව ඉදිරිපත් කරන කරුණුවලට හාත්පසින් වෙනස්ව තමන් ඉදිරිපත් කරන විනිවිදභාවයකින් හා තිරසර ආර්ථික සංවර්ධනයකින් යුත් විකල්ප සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ඩීන් තොම්සන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top