Oct 24, 2020

15 වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි!

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය.

කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වැනිදා රෝහලට ඇතුළත් කළ බවත්, කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.

පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top