Oct 29, 2020

දිවුලපිටිය - පෑලියගොඩ පොකුරට තවත් 168ක් : මුළු ආසාධිතයෝ 9787යි (Update)  Featured

දිවුලපිටිය – පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාධිතයන් 168 ක් හඳුනා ගෙන තිබේ.

ඉන් 53 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද අනෙක් 115 දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වශයෙන්ද හඳුනාගෙන ඇත.

මේ අනුව, මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් ආසාධිත පොකුර 6313 ක් දක්වා වැඩිව තිබේ.

සමස්ත ආසාධිතයන් ගණන 9787 කි.

Info Press RE 361


---------(අවසන් යවත්කාලීන කිරීම -  Thursday, 29 October 2020 19:59)

දිවුලපිටිය - පෑලියගොඩ පොකුර 6,000 පන්නයි

අද දිනයේදී (29) තවත් Covid-19 ආසාදිතයන් 414ක් හමුවීමෙන් පසුව දිවුලපිටිය - පෑලියගොඩ පොකුර 6,145ක් දක්වා වර්ධනය වී ඇත.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින්නන් 62ක් හා පෑලියගොඩ මතස්‍ය වෙළඳසැල ආශ්‍රිතයන් - 352ක් මෙලෙස හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (29) 19:10 ට නිකුත් කළ වාර්තාව අනුව මේ වන විට තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 9,619 ක් වන අතර සක්‍රීය රෝගීන් ගණන 5,458 කි.

ඊට අමතරව රෝගීන් 4,142 ක් සුවය ලබා ඇති අතර, මේ දක්වා වාර්තා වූ මරණ ගණන 19කි.

Info Press RE 360

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top