Nov 22, 2020

"කොරෝනා මරණ නමයෙන් පහක් මැරුණේ කලින්" 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරණ නමයෙන් පහක්ම ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බවත් ඔහු පවසයි.

රූපවාහිනී නාලිකාවක පෙරවරු වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇතැයිද හමුදාපතිවරයා එහිදී පැවසීය.

මරණ පරීක්ෂණ වාර්තා නිකුත් වීමේ ප්‍රමාදය මත මේ සියල්ලම ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළ බවද ඔහු කීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top