Nov 27, 2020

සුපිරි පන්දුවාරයෙන් කොළඹට ජය තීන්දු වෙයි !

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මංගල තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ ඊයේ (26) හම්බන්තොට පැවැති තරගයෙන් මහනුවර ටස්කර්ස් පරාජයට පත්කරමිනි.

නියමිත පන්දුවාර 20 අවසානයේදී දෙපිලම ලකුණු 219 ක් බැගින් ලබාගත්හ.

අනතුරුව යැවුණු සුපිරි පන්දුවාරයේදී කොළඹ පිල ලකුණු 15 ක් ලබාගත් අතර මහනුවර ටස්කර්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 12 ක් පමණි. 

කොළඹ පිල සුපිරි පන්දුවාරයේදී හතරේ පහරක් හා එක් හයේ පහරක් සමගින් සිය ලකුණු 15 ලබා ගත්තේය.

Colombo defeats Kandy in super over

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top