Dec 02, 2020

තවත් Covid-19 මරණ 2ක්  Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් අද (02) දිනයේදී ද තවත් Covid-19 මරණ 2ක් තහවුරු කර ඇති බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ ද්විත්වයම නොවැම්බර් 30දා සිදුවී ඇත.

අද තහවුරු වූ මරණ මෙසේය :

  • හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. 
  • කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. නිවසේදී මියගොස් ඇත.

Info Press RE 494

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top