මීට කලින් දිනකදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූයේ ඔක්තෝබර් 23දා වන අතර, එදින රෝගීන් 865ක් හමුවිය.
අද දින හමු වූ රෝගීන් සියල්ලම දිවුලපිටිය - පෑලියගොඩින් පොකුරේ ආශ්‍රිතයන් වේ.
ඒ අනුව අද දිවුලපිටිය - පෑලියගොඩින් පොකුර 21,861ක් දක්වාද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,410ක් දක්වාද වර්ධනය වී ඇත.
මේ අතර, වසංගත විද්‍යා අංශය විසින් අද ප.ව. 10.05ට පළ කළ නවතම වාර්තාව අනුව මේ වන විට රෝගීන් 6,982 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 18,304ක් බවත්, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 124ක්ද බවත් දැක්වේ.