Jan 13, 2021

තවත් කොවිඩ් මරණ 3යි ; සමස්ත රෝගීන් ගණන 50,000 පන්නයි Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් අද (13) දිනයේදී ද තවත් Covid-19 මරණ 03ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66-හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි 81-හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා කොළඹ 10 පදිංචි 89-හැවිරිදි කාන්තාවකි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, අද දිනයේ තවත් Covid-19 රෝගීන් 692 දෙනෙකු හමුවීමත් සමග සමස්ත රෝගීන් ගණන 50,229ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය සඳහන් කරයි.

InfoPress RE 51

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top