Jan 14, 2021

ඇඟිල්ලේ ආබාධය නිසා නායක දිමුත් පළමු ටෙස්ට් තරගයට නෑ! Featured

එංගලන්තයට එරෙහිව අද (14) සිට ගාල්ලේ දී ඇරඹෙන පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න  ඉවත් කර තිබේ.

ඒ ඔහුගේ වම් අතේ මාපටැඟිල්ලේ ඇති වූ අස්ථි බිඳීමක් හේතුවෙනි.

මේ අනුව ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් නම් කර ඇති අතර, කාසියේ වාසිය හිමිවීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

තවද, දකුණු අප්‍රිකානු සoචාරයේදී ආබාධ වලට ගොදුරු වී තවමත් එංගලන්ත සංචාර සංචිතයේ සිට්න සුරංග ලක්මාල් හා ලහිරු කුමාර ද අද තරගයටද නම් කොට නොමැත.

පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකා සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධ වලට ලක්වූ අතර, තරගාවලිය 2-0 ලෙස පරාජයට පත්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top