මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා රනාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.
මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (23) ප.ව. 08.45ට පළ කළ නවතම වාර්තාව අනුව අද දිනයේදී රෝගීන් 724ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 57,587ක් වේ.
මේ වන විට රෝගීන් 8,046ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් සුවය ලැබූ රෝගීන් ගණන 49,261ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.