Feb 23, 2021

තවත් කොවිඩ් මරණ 03ක් - ආසාදිතයින් 492ක් Featured

අද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 453 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිද පිරිමි පුද්ගලයෙක් සහ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

තවත් කොරෝනා ආසාදිතයින් 492ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 492 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 81,009කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top