Mar 09, 2021

හර්ෂණට, රන්ජන් හා සෙල්ෆි ගැසීමට ඉඩදුන් නිලධාරීන්ට වැඩවරදී Featured

සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට ගොස් ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ඊයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ඔහු සමග ගත් සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණි.

මන්ත්‍රීවරයා සිය මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝණය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳ තමන් කථානායකවරයාට ද අද (09) දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් කියා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top