Mar 09, 2021

කොරෝනා එන්නත් මිලියනය මෙරටට ලැබීමට සුළු ප්‍රමාදයක්? Featured

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මිලියනය මෙරටට ගෙන්වීමේ දී සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාවට දැනට ලැබී තිබෙන එන්නත් ප්‍රමාණය ගැන අප සතුටට පත්විය යුතුයි. දැනටමත් එන්නත එක මාත්‍රාවක් හෝ ලැබුණේ නැති රටවල් 110කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ තියෙනවා. අපිට එන්නත් මිලියන 1.26ක ප්‍රමාණයක් දැනට ලැබිලා තියෙනවා. ඉදිරියේ දී මිලදී ගැනීමට බලාපොරොත්තු වන එන්නත් මිලියනයක ප්‍රමාණයක් ලැබීමට යෝජිතව තිබෙනවා. ඔබ දන්නා විදියට සීරම් නැමති නිෂ්පාදන ආයතනයේ ඇති වු ගින්න නිසා සුළු ප්‍රමාදයක් සිදුවීමට අවකාශයක් තියෙනවා. නමුත් ඔවුන් අප විසින් කරන ලද ඇණවුමට ගරු කරන බවත් ඉදිරියේ දී හැකිතාක් ඉක්මනට එම එන්නත ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරලා තියෙනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top