Apr 18, 2021

තොණ්ඩා, දිගා හා රාධාට අභියෝගයට කඳුරටට අළුත් පක්ෂයක්! Featured

වතුකරය ආශ්‍රිතව නව දේශපාලන පක්ෂයක් බිහිකිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

එයට නායකත්වය දෙන්නේ පසුගියදා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණෙන් කැඩී ගොස් රජයට සහය පළකළ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා බවද පැවසේ.

ඔහුට මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අනුග්‍රහය ලබාදෙන්නේ කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ පී. චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය වන අනුෂා චන්ද්‍රසේකරන්වීම විශේෂිතය.

දැනට වතුකරයේ දේශපාලන ආධිපත්‍යය දරන තොණ්ඩමන්, දිගම්බරම් හා රාධා ක්‍රිෂ්ණන් යන පක්ෂ නායකයන්ට විකල්ප ලෙසින් අරවින්ද් කුමාර් හා අනුෂා චන්ද්‍රසේකරන්ගේ මේ පක්ෂය නිර්මාණය කෙරෙන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, මෙතෙක් පක්ෂයට නමක් තබා නොමැති බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top