May 04, 2021

සංචාරක නිවාස හා කඳවුරු බිම් වසයි

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම සංචාරක නිවාස, වන නිවාස සහ කඳවුරු බිම්  සංචාරකයන් හට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තීරණය හෙට (05) සිට බලපැවැත්වෙන බවයි.

අදාළ ස්ථානවල පහසුකම් වෙන් කරගත් පුද්ගලයන් සඳහා වෙත නැවත දින වෙන්කර දීමට අවශ්‍ය උපදෙස් ඉදිරියේදී නිකුත් කරනු ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

TouristBungalows Press RE

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top