May 05, 2021

බූස්ස නාවික හමුදා කඳවුරෙත් කොරෝනා රෝහලක් අරියි! Featured

කොවිඩ් 19 ආසාදිත රෝගීන් දිනෙන් දින වැඩිවීම නිසා ඊට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) ආරම්භ කර තිබේ.

ආධුනික නාවිකයන් පුහුණු කිරීම සදහා බූස්ස නාවික හමුදා කඳවුර තුල භාවිතා කරන ලද සිව් මහල් (04) ගොඩනැගිල්ලක් ජාතික අවශ්‍යතාවය මත නාවික හමුදාව විසින් මෙලෙස කොව්ඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පරිවර්තනය කරන ලදී.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 12කින් සමන්විතවන අතර, එහි ඇඳන් 150ක පහසුකම් ලබාදීමේ හැකියාව පවතී.

මෙහි ඇඳන් 12කින් සමන්විත විශේෂ ප්‍රථිකාර ඒකකයක්ද (High Dependency Unit- HDU) ස්ථාපනය කර ඇති අතර, මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රෝගීන් ඇතුලත්කර ගැනීම ඊයේ දින සිට ආරම්භ කෙරිණි.

නාවික හමුදාව විසින් මෙම ප්‍රතිකාර ඒකකය සඳහා නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් අනුයුක්ත කර ඇත.

(ඡායා - navy.lk)

NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05NavyHospitel1 670px 21 05 05

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top