Jun 10, 2021

පාර්ලිමේන්තුවේ විපක්ෂ මුල් පෙළ අසුනක් රනිල්ට; යාබද අසුන අනුරගේ

මේවන විට පාර්ලිමේන්තු සභාගැබේ විපක්ෂයේ මුල් පෙළ අසුනක් හිටපු අග්‍රාමාත්‍ය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ඔහුට වෙන්කර ඇත්තේ විපක්ෂය වෙනුවෙන් පනවා ඇති මුල් පේළියේ අසුන්වල 16 වැනි අසුනය.
 
ඔහුට යාබද අසුන වන 15 වැනි අසුනේ සිටින්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාය.
 
එම පේළියේ අටවැනි අසුනේ අසුන්ගෙන සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
 
රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම මන්ත්‍රී ධූරයේ දිවුරුම්දීමට නියමිත බව මේ අතර වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top