Jun 19, 2021

රොහිත ඉන්නේ කුලී නිවසක - නාමල් හෙළිකරයි

මෙරට දෙවරක් විධායක ජනාධිපති ධූරය ද දෙවරක් අග්‍රාමාත්‍ය ධූරය ද විපක්ෂ නායකත්වය මෙන්ම කැබින්ට් අමාත්‍ය ධූර ඇතුළු අමාත්‍ය ධූර කිහිපයක් දැරූ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතා වාසය කරන්නේ කුලී නිවසක බව වාර්තා වේ.
 
ඔහුගේ වැඩිමල් සොයුරා වන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේබව හෙළිකර තිබේ.
 
නාමල් අමාත්‍යවරයා මේ හෙළිදරව්ව කර ඇත්තේ මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා විසින් රෝහිත මහතා වාසය කරන නිවස රුපියල් කෝටි 30ක් පමණ වන බව කියමින් ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් මුදා හැරීමන් පසුව එය සත්‍යක්දැයි ලංකා සී නිවුස් කර ඇති විමසීමකදීය.

නාගරික මන්ත්‍රීවරයා කියන ආකාරයට රෝහිත රාජපක්ෂ මහතාගේ 32 වැනි උපන්දිනය යෙදී තිබූ පසුගිය 15 වැනිදා එම නිවසේ කිසිම සාදයක් හෝ පුද්ගල එක්රැස්වීමක් නොපැවැති බවද කියා සිටී.
වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රෝහිත මහතාගේ බාප්පා වන අතර, ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කැබිනට් ඇතුළු අමාත්‍ය ධූර දරනු ලබයි.
 
මූලාශ්‍රය - ලංකා සී නිවුස්
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top