Jun 19, 2021

දෙහිවල සත්තුවත්තේ සේවකයකුට කොරෝනා; තවත් සත්තුන්ට PCR Featured

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිටි සිංහයාට කොවිඞ් ආසාදනය වීමේ සිද්ධියත් සමග එම සත්වෝද්‍යානයේ සේවකයන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලදී සත්වෝද්‍යාන සේවකයකුට කොවිඞ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇතැයි වාර්තා වේ.
 
එම සේවකයා ඊයේ (18) දිනයේ රෝහල්ගත කිරීමට පියවර ඇති බවද පැවසේ.
 
ඊයේ දිනයේ දෙහිවල සත්වෝද්‍යානයේ හා එහි වැඩබිමේ සේවකයන් 30 දෙනකුට පමණ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවන් සිදුකර තිබිණි.
 
එසේම අනෙක් සතුන් ද නිරෝධායනය වෙමින් සිටින බවත්, ඉදිරියේදී තවත් සතුන් පිරිසකට පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.
 
මේ අතර ඊයේ (18) ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ pigmi Hippopamus සත්වයා ආහාර මාර්ගයේ ඇති වූ බැක්ටීරියා අසාත්මික තත්ත්ත්වයක් නිසාද, සීබ්‍රා සත්වයා ආහාර මාර්ගයේ ඇතිවූ අවහිරතාවයක් නිසා ද මියගොස් ඇති බවයි.
 
කෙසේවුවද, මීට පෙර එම සතුන්ට කොරෝනා වැළඳී තිබුණේද යන්න පිළිබඳව සැක මතුව තිබිණි.
 
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

ZOO 700px 21 06 19

 lion 700px 21 06 19lion2 700px 21 06 19lion3 700px 21 06 19
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top