Nov 01, 2016

අගමැතිට හා හිටපු මහබැංකු අධිපතිට එරෙහිව පැමිණිල්ලක්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 11 දෙනෙකු මෙම අවස්ථාවට එක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කරන ලෙසත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පිටු 5ක ලියුමක් අල්ලස් කොමිසමේ සභාපතිට ඉදිරිපත් කර තිබේ.

 අදාළ පැමිණිල්ල අද(31) පෙරවරුවේ අල්ලස් කොමිසමට බාරදී තිබේ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top