Jul 22, 2021

රනිල් විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා අරඹන්න හදයි!

ඉදිරි‌යේදී පාර්ලිමේන්තුවේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමඟ සාකච්ඡා ඇරැඹීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ සමගි ජන බලවේගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඡන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයට පත්වීමත් සමගිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top