Jul 22, 2021

කිරිපිටි ආනයනය සීමා කරයි?

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම වැනි ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කරයි.

අදාළ සමාගම් මීට ඉහතදී කිරිපිටි මිල ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

නමුත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙලෙස කිරිපිටි ආනයනය සීමා කිරීමට ආනයනකරුවන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top