Pasidol
Sathosa Ad Final Sinhala
Mar 20, 2017

බැසිල්ගෙ ඉඩමට නීතිපතිත් මුලාවෙයි

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගත් කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (20දා) නියෝග කළාය.

එම ඉඩම බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට අයත් නොවන බව කීමෙන් පසු අධිකරණය එය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම නියෝග කර තිබූණි.

 එම ඉඩම හා දේපොළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබ සිද්ධීය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති හෙයින් එම නියෝගය නිකුත් කෙරිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top