Sep 15, 2021

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීම රජයේ යුතුකමක් - හැනා සිංගර් Featured

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීම රජයේ යුතුකමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය වන හැනා සිංගර් මහත්මිය පවසයි.
ඇය මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
 
නෙල්සන් මැන්ඩෙලා රීති හා ප්‍රාකාරව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බව ඇය මෙහිදී පෙන්වා දෙයි.
"බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය සම්බන්ධයෙන් අපගේ වැඩකටයුතු වලදී, අත්අඩංගුවේ පසුවන සියළුම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය කටයුතු කරන අතර, සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම හෙළා දකින්නෙමු," යැයි ඇය පවසයි.

Prison Screenshot 2021 09 15 at 13.42.19

 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top