Sep 27, 2021

සහල් ගැසට් එක් රිවස් වෙයි; සහල් ආනයනයට අවසර (Update)

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර, සහල් අනායනයට අවසර හිමිවූ බවත්, ඉදිරියේදී අතිරික්ත සහල් තොගයක් තබා ගැනීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.

ඒ අනුව කෘතිම සහල් හිඟයට පිළිතුරු ලැබෙනු ඇතිබවද රජය විශ්වාස කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top