Oct 14, 2021

ක්‍රිකට් පාලනයට, LPL ගහන්න අදහසක් නැතැයි රෝහිත කියයි (Update) Featured

ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන්ට අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ තහවුරු කර ගැනීමකින් තොරව එවැනි තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වගකීම නොසලකා හැරීමක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

(මුල් පුවත 2021 ඔක්තෝබර් 13 ,  10 : 23 ප.ව.)
 
රොකට් යැවූ චිචී ක්‍රිකට් ගහන්න පුහුණු වෙයි!
 
ලබන 27 දා ආරම්භවීමට නියමිත අන්තර් ක්‍රිඩා සමාජ එක්දින තරගාවලිය සහභාගී වීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුතු මෙන්ම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බාල සහොදරයා වන රෝහිත රාජපක්ෂ (චිචී) මහතා කළුතර ක්‍රීඩා සමාජය හා එක්ව පුහුණුවීම් කරන බව වාර්තා වේ.
 
ඔහු එම කණ්ඩායම සමඟ ඊයේ (12) හා අද (13) දිනයේදී පහුණුවීම්වල නිරතව ඇති බව අද වාර්තා කර ඇත.
 
කළුතර නාගරික ක්‍රිඩා සමාජය තෝරා ගැනීම සඳහා සරේ විලේජ්හි පැවැති පුහුණු තරගයටද රෝහිත රාජපක්ෂ එක්ව තිබේ

රෝහිත රාජපක්ෂ රග්බි ක්‍රිඩකයෙක්ද වන අතර ඔහු සි.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියටද ක්‍රිඩා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දිපාල් පෙරේරා මහතා පවසා ඇත්තේ රෝහිත රාජපක්ෂ මේ වන විටත් පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් ඔහු කණ්ඩායම වෙනුවෙන් ලිපාපදිංචි වී තරගාවලියට ක්‍රිඩා කරන්න බලාපොරොත්තු වන බවයි.
 
රෝහිත, මීට පෙර සුප්‍රීම් සැට් - 1 නමින් චීනයේදී තොරතුරු තාක්ෂණ ප්‍රයෝජනය සඳහා රොකට්ටුවක් යැවීමට ද මුල් විය.
 
එසේම ඔහු ගායකයකු ලෙස ගීතයක් ද ගායනාකරමින් යූටියුබ් ඔස්සේ මුදාහැර තිබිණි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top