Oct 14, 2021

FB සටහනකින් මහින්දානන්දගේ පටිරෝල් වෙයි! Featured

ලිතුවේනියාවෙන් ගෙන්වන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබෑ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහනට දැඩි ප්‍රතිචාර එල්ල වී තිබේ.

සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් යනු රසායනික සංයෝගක් නිසා කාබනික පොහොර නොවන බවයි.

මේ හේතුවෙන් අමාත්‍යවරයා විසින් තබන සටහන අවස්ථා කිහිපයකදීම සංශෝධනයකට ලක් කර තිබේ.

කොහොමද කලිසමක්, ගවුමක් ඇඳගෙන යන්නේ...

එම සටහන් අතර හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද "කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඇත්තටම මොනවා උගන්වන්න ඇද්ද? උන් කොහොමද කලිසමක්, ගවුමක් ඇඳගෙන සම්මුඛ පරීක්ෂනයකට යන්නේ?" සටහනක් තබමින් විමසා සිටී.

Mahindananda 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top