Oct 14, 2021

ලංකාව පැපුවා නිව්ගිනියා ලකුණු 39කින් පරදවයි Featured

දෙවැනි නිල පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැපුවානිව්ගිනියාව පිල ලකුණු 39කින් පරාජයට පත් කිරීමට අද (14) අබුඩාබි හිදී සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පැපුවානිව්ගිනියාවට කඩුලු 07ක් දැවී සිය පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ ලකුණු 124ක් පමණි.

පැතුම් නිස්සංක ලකුණු 76 ක් ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 61ක් ද එක්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top