Nov 02, 2016

දීමනා එපා ; ආබාධිත රණවිරුවන් අදත් පාරේ

සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය‘ පවසයි.

සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තමන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස පසුගිය 31 වනදා සිට විරෝධතාවයේ නිරත වේ.

කෙසේවෙතත් මෙම විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට විශ්‍රාමික දීමනාවක් ලෙස ඉදිරියේදී විශ්‍රාම වැටුප ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ලබන වසරේ පෙරබරවාරි මාසයේ සිට එම දීමනාව ලබාදීමට නියමිත බව එහි සඳහන්ය.

කෙසේවෙතත් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසන්නේ දීමනාවක් වශයෙන් එය තමන්ට අවශ්‍ය නොවන බවයි.

2014 වසරේ කැබිනට් අනුමැතිය හිමි වූ විශ්‍රාම වැටුප තමන්ට ලබාදෙන ලෙස රජයට බල කරමින් අද දිනයේත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවීමට තීරණය කර ඇති බව එම සංවිධානය  සඳහන් කළේය.

සබැදි පුවත්
ආබාධිත රණවිරුවන් ලෝටස් පාර වසයි(ඡායා)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top