May 14, 2022

ගෝල්ෆේස් නිර්පාක්ෂික අරගලකරුවන් සජිත් මුණගැසෙයි! Featured

ගෝල්ෆෙස් හි නිර්පාක්ෂික අරගලකරුවන්ගේ නියෝජිතයින් පිරිසක් අද (14) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසී තිබේ.

කිසිවිටෙකත් අරගලය පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පවසා තිබේ.

ඔහු අරගලකරුවන්ට පවසා ඇත්තේ තමන් ද, සමගි ජන බලවේගය ද කටයුතු කරන්නේ රටේ අරගල කරන ජනතාව ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණවලට සමගාමී වැඩපිළිවෙලකට බවය.

එම හමුවේදී අරගලකරුවන් විසින් සිය අදහස් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායක වෙත භාරදී ඇත.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ අරගල භූමියේ ඉල්ලීම් පිළිබඳව තමන් සංවේදී බවය.

තමාගේ ස්ථාවරය ද ජනාධිපතිවරයා නිශ්චිතවම ඉල්ලා අස්විය යුතුය යන්න බවද ඔහු සඳහන් කර තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙනඒම, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, සංවරණ තුළන ක්‍රමවේදයක් හරහා ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණ බලය ගොඩනැගීම යනාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් කෙරෙහි සමගි ජන බලවේගය නොවෙනස්ව පෙනී සිටින බවද එහිදී ප්‍රේමදාස මහතා පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top