ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු ධූත පිරිස එක් දින සංචාරයක් සඳහා අද (23) උදෑසන මෙරටට පැමිණ ඇත.
වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන ද්විපාර්ශ්වික සහාය හා සබැඳි කටයුතුවලට අදාළව ඔවුන් මෙරටට පැමිණ තිබේ.
ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත් මහතා, ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී. අනන්ත නාගේෂ්වරන් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාපයේ (IOR) සම ලේකම් කාර්තික් පාන්ඩේ මහතා ද එම සංචාරයට එක්ව සිටිති.