Jun 28, 2022

චීනය පාසල් සිසුන්ට පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලංකාවට (ඡායා)

ශ්‍රී ලාංකික සිසුන් වෙත චීනය විසින් පරිත්‍යාග කළ සහල් තොගයේ පළමු කොටස වන මෙට්‍රික් ටොන් 1,000 ක සහල් තොගය අද (28) කන්ටේනර් 44 කින් දිවයිනට පැමිණියේය.

මේ සහල් තොගය අද චීන තානාපති චී ජන්හොංග් මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය හා වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත කොළඹ වරායේදී භාරදෙන ලදී.

මෙරට පාසල් 7,900කට මාස 6ක කාලයක් පුරාවට පාසල් ආහාර වැඩසටහනට සහාය දැක්වීමට සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ප්‍රදානය කරන බව චීනය පසුගියදා පවසා තිබුණි.

අද දිනයේදී මෙම සහල් තොගය භාරදීමේ අවස්ථාවේදී චීන තානාපතිවරයා පැවසුවේ එළැඹෙන සතියේ හා ඉන්පසු සතියේදීද සහල් නැව බැගින් මෙරටට පැමණීමට නියමිත බවත්, ඉතිරිය ඉන් ඉදිරියට පැමිණීමට කටයුතු යොදා ඇති බවත්ය.

මීට අමතරව, දිවයින පුරා දරු දැරියන් හට පාසැල් නිල ඇඳුම් ලබාදීමටද අධ්‍යාපන අමාත්‍යංශය හා සාකච්ඡා පවත්වමින් සිටින බවද තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

සබැඳි පුවත් :
චීනයෙන් සහල් තොග 06ක් මෙරටට

Chinese Rice 01

Chinese Rice 02
Chinese Rice 01
Chinese Rice 01
Chinese Rice 01</

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top