Pasidol
Sathosa Ad Final Sinhala
Nov 05, 2016

පැණිබීම බෝතලයක් බිව්ව තරුණියක් රෝහලේ !

ඇවරිවත්ත බස්නැවතුම්පොල ඉදිරිපිට කඩයකින් පැණිබීම බෝතලයක් මිලදීගෙන පානය කළ නිදහස් වෙළද කලාප සේවිකාවක් ඊයේ (04) රෝහල්ගතකර තිබේ.

ඊයේ (04) දිනයේ අදාල බීම අලෙවි කළ වෙළෙඳසැල වෙත පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම වෙළෙඳසැලේ ඉතිරිව තිබූ අදාළ පැණිබීම බෝතල් තොගයට සීල් තබා එහි සාම්පල කීපයක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

එම පැණිබීම නිෂ්පාදනය කරනු ලබන Country Style Foods (PVT) LTD ආයතනයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු රෝගී තරුණිය බැලීමට රෝහලට පැමිණෙන බව දන්වා තිබුණද ඔවුන් මෙතෙක් ඇය බැලීමට හෝ පැමිණ නැතැයි වාර්තා වේ.

Country Style Foods (PVT) LTD ආයතනයේ නිෂ්පාදන කළමණාකරු වන ලක්ෂ්මන් මහතා ද අදාළ පොරොන්දුවේ කොටස්කරුවකු බව වාර්තා වේ.

මූලාශ්‍රය - මීපුර

Smak1 600px 16 11 05

Smak2 600px 16 11 05

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top