Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 07, 2016

Ceylon Leader වෙබ් කර්තෘ පොලිසියට කැඳවයි

ආන්දෝනයට ලක්වූ නල්ලතන්නිය පීක්ෆිල්ඩ් වතුයායේ ඉදිකරන හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව පළවූ පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා Ceylon Leader වෙබ් අඩවියේ කර්තෘ එරන්ද කේ. කරුණාරත්න මහතාට අද (07) පෙරවරුවේ පොලීසියට පැමිණෙන්නැයි දැනුම්දීමක් කර ඇත.

නාරාහේන්පිට පොලීසියේ නිළධාරියෙකු ඊයේ පෙරවරුවේ කතුවරයා අමතා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

අදාල පුවත් වෙබ් අඩවිය විසින් එම හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අවසර ලබාගැනීමට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ ලහිරු ප්‍රසන්න පිටවලගේ නමැත්තකුට දුරකතන ඇමතුමක් ලබාදී තොරතුරු ලබාගැනීමට උත්සාහ කර තිබේ.

එහෙත් ඔහු දුරකතන මාර්ගයෙන් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ සංවාදයේ හඬපටයද සමග '' ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව'' නමින් පුවතක් එම වෙබ් අඩවිය මගින් ඔක්තෝම්බර් 31දා ප්‍රකාශයට පත්කර තිබේ.

කලක් ලන්ඩනයේ පදිංචිව සිටි Ceylon Leader කර්තෘ එරන්ද කේ. කරුණාරත්න මහතා පසුගියදා යලි දිවයිනට පැමිණ අතර, ඔහු මේවනවිට බොදුබල සේනා සංවිධානයේ මාධ්‍යය අංශයේ ස්වේච්ජා සේවකයකු ලෙසද කටයුතු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top