Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
May 19, 2017

වැල්ලවත්තේ ගොඩනැගිල්ලට ඉදිකිරීම් අනුමැතිය නෑ

කඩාවැටීමට ලක්වූ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව පිටුපස, චාර්ලිමන් පාරේ ඉදි කෙරෙමින් පැවති ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ලබා ගෙන නොමැති බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

එම මහල් ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලබාගත්තේද යන්න පිළිබඳව ද සැකයක් මතුව තිබේ.

මේ වන විට පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව දෙහිවල ප්‍රාදේශීය ලේකම් නලිනි සුබ්‍රමනියම් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියි.

අතුරුදන් වූවන් සොය‍ා මෙහෙයුම්

මේ අතර ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අතුරුදන්වී ඇති බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

අද උදෑසන අදාළ මෙහෙයුම් යළි ආරම්භ කළ අතර, ඒ සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසියද එක්ව සිටියි.

ඊයේ උදෑසන මෙම ගොඩනැගිල්ල කඩාවැටුණු අතර, සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ..

මියගිය පුද්ගලයා හසලක - කොළොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතුවල නිරතවූ සේවකයෙක් වන බවයි පොලිසිය සඳහන් කරයි.

සබැඳි පුවත්

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටී 27ක් රෝහලට

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි. (සජීවී දර්ශන)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top