මෙම අපරාධ කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පවසයි.
රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා එබව පැවසුයේ, බියගම පැවති උත්සවයකදීය.
මේ අපරාධ කල්ලියට යුද්ධ හමුදාවේද දේශපාලඥයන් හෝ කොටි ත්රස්තවාදීන්ගේ ද සබඳතාවයක් නැති අතර ඔවුන් යතුරුපැදිවලින් යන මහ අපරාධ කල්ලියක් වශයෙන් හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
රුවන් ගෝඨා නිදහස් කරයි
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හමුදා නිලධාරීන් පිරිසක් 'ආවා' කල්ලිය පිටුපසින් සිටින බවට කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පසුගිය දින කිහිපයේ සිදු කල ප්‍රකාශයන් ද ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කළේය.
උතුරේ ක්‍රියාත්මක වන 'ආවා' කල්ලිය පසුපසින් හමුදාව හෝ දේශපාලඥයින් ක්‍රියාත්මක නොවන බවත්, ආණ්ඩුව කිසිවෙකුටත් නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කළේය.
මේ වන විට අවා කල්ලියේ පුද්ගලයින් ආරක්ෂක හමුදා විසින් හඳුනාගෙන ඇති බවත් මේ පිරිසට එරෙහිව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම උත්සවයේදී පැවසු රුවන් විජේවර්ධන මහතා, ඇතැම් දේශපාලඥයින් මේ තත්වයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවද කියා සිටියේය.