Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jun 16, 2017

හිටපු LTTE සාමාජිකයෙකු පෝරකයට

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුට මොණරාගල මහාධිකරණය විසින් ඊයේ (15දා) මරණ දඩුවම නියමකර තිබේ.

මෙලෙස මරණ දඩුවම නියමවුයේ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු වන මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකුටය.

2008 වසරේ ජනවාරි 21 වනදා තණමල්විල පොලිස් වසමේ ඌව කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර අවි සහ උණ්ඩ කොල්ලකෑම මෙම පුද්ගලයාට එරෙහි චෝදනාවයි.

සිද්ධියට අදාළව මෙතෙක් කලක් විභාග වෙමින් තිබු නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමින් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයාට මරණ දඩුවම නියමකර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top