OPEN

#

OPEN

#

Nov 11, 2016

ඡන්දයක් අත ළඟ - ජනපති

ඡන්දයක් අත ළඟ බව සිතා ගමට ගිහින් වැඩ කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා මේ ඉල්ලීම සිදුකර ඇත්තේ ඊයේ (10) රාත්‍රියේ ජනපති මැදුරේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයින්ගේ රැස්වීම අමතමිනි.

එසේම පක්ෂ සාදන්නට උත්සාහ කරන අයට එය උත්සාහ කරන ලෙසත් අභියෝග කළ ජනපතිවරයා නව පක්ෂය ආ පසු තමා සිදුකරන්නේ ජනවාරි 08 වැනිදා ආණ්ඩුවෙන් එළියට බැස සිදු කළ විප්ලවයට එහා ගිය එකක් බවද ජනපතිවරයා අවධාරණය කර ඇත.

මේ රැස්වීමේදී කතා පවත්වා ඇත්තේ ජනපතිවරයා හා ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පමණි.

- කැළුම් ශිවන්ත

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top