Pasidol
Sathosa Ad Final Sinhala
Jul 03, 2017

රැකියා විරහිත උපාධිධාරීන් 42,000ක්

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 42,000ක් රට තුළ සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

ඇතැම් උපාධිධාරීන් වයස අවුරුදු 35 ඉක්මවා සිටින බැවින් ඔවුන්ට රැකියා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණයකටවත් මුහුණදීමට නොහැකි වී ඇති බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානාන්ද හිමියෝ අවධාරණය කළහ.

රැකියා ලබාදෙන ලෙස ඉල්ලා, රට පුරා උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් තිබෙන බවත්, උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයට මේ වනවිට මාස 04කට අධික කාලයක් ගතවී තිබෙන බවද උන් වහන්සේ පවසා සිටියහ.

රැකියා, විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා මහපාරේ සටන් කරන විට ගුරු පුරප්පාඩු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ඉල්ලා ඊට අදාළ ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති අරගල කරමින් සිටින බවද උන්වහන්සේ අවධාරණය කළහ.

මේ අතර බස්නාහිර පළාතේ ගුරු විභාග සමත්ව සිටින පිරිසද වසර 2කට  වැඩි කාලයක් තිස්සේ සිය පත්වීම් ලැබෙන තුරු බලා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top